උතුරු මැද පළාතේ දරුවන් 145 දෙනෙකු වෙනුවෙන් කාර්යාංශයෙන් ශිෂ්‍යත්ව

උතුරු මැද පළාතේ අනුරාධපුර හා පොළොන්නරුව යන දිස්ත්‍රික්කවල පදිංචි විගමණික ශ්‍රමිකයින්ගේ දූ දරුවන් 145 දෙනෙකු සඳහා ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් රු.3,855,000.00 ක් වටිනා ශිෂ්‍යත්ව පිරිනැමීම පසුගියදා සිදුකරන ලදී.

මෙහිදී පහ වසර ශිෂ්‍යත්ව විභාගය සමත් දරුවන් 28 දෙනෙකු සඳහා එක් අයෙකුට රු.20,000.00 බැගින් රු.560,000.00 ක්ද, අ.පො.ස සාමාන්‍ය පෙළ සමත් දරුවන් 80 දෙනෙකු වෙනුවෙන් එක් අයෙකුට රු.25,000.00 බැගින් රු.2,000,000.00 ක් හා අ.පො.ස උසස් පෙළ සමත්ව විශ්ව විද්‍යාල අධ්‍යාපනය හදාරන දරුවන් 37 දෙනෙකු වෙනුවෙන් එක් අයෙකුට රු.35,000.00 බැගින් රු. 1,295,000.00 ක මුදලක් පිරිනමා තිබේ.

2023 වර්ෂය තුළදී 2021 වර්ෂයට අදාළව සිසුන් 2065 දෙනෙකු ශිෂ්‍යත්ව ලබාගැනීම සඳහා සුදුසුකම් ලබා ඇති අතර, ඔවුන් වෙනුවෙන් රු.53,945,000.00 (රුපියල් පන් කෝටි තිස් නව ලක්ෂ හතලිස් පන්දහසක්) ක මුදලක් ශිෂ්‍යත්ව වශයෙන් පිරිනැමීමට කටයුතු සංවිධානය කර ඇත.

අනුරාධපුර දූදරුවන් සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානය කිරිම අනුරාධපුර දිස්ත්‍රික් ශ්‍රවණාගාරයේදී 2023.09.23 දින පැවති අතර, පොළොන්නරුව දූදරුවන් සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානය කිරිම 24 දින තමන්කඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. ඒ අවස්ථාවන් සඳහා නියෝජ්‍ය සමාන්‍යාධිකාරි (සමාජ සංවර්ධන) ජේ.ඒ.ඩී.පී.මංජුල, උතුරු මැද පළාත් ජ්‍යෙෂ්ඨ කළමනාකරු එච්.එම්.සුනිල් යන මහත්වරුන් ඇතුළු කාර්යාංශයේ නිළධාරින් පිරිසක් එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *