දයාසිරිට එරෙහි වාරණ නියෝගය අත්හිටුවීමට නියෝගයක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහලේකම් දයාසිරි ජයසේකරගෙන් නිදහසට කරුණු විමසා එම පක්ෂයේ සභාපතිවරයා විසින් නිකුත් කර තිබෙන ලිපියක් ක්‍රියාත්මක වීම වළක්වාලමින් නිකුත් කළ වාරණ නියෝගය අත්හිටුවීමට කොළඹ දිසා අධිකරණය නියෝග කර තිබෙනවා.
දයාසිරි ජයසේකර විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුව ඔක්තෝබර් මස 05 වනදා දක්වා බලපැවැත්වෙන පරිදි කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන විසින් ඉකුත්දා මෙම වාරණ නියෝගය නිකුත් කර තිබුණා.
කෙසේ නමුත් දයාසිරි ජයසේකර වෙත මෙවැනි ලිපියක් නිකුත් කිරීමට පක්ෂයේ මධ්‍යම කාරක සභාවට බලය තිබෙන බව විත්තිකාර මෛත්‍රීපාල සිරිසේන වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා අධිකරණය හමුවේ කරුණු දක්වා තිබෙනවා.
පැමිණිලිකරු සත්‍ය කරුණු වසන් කරමින් මෙම වාරණ නියෝගය ලබාගෙන තිබෙන බැවින් එම වාරණ නියෝගය අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ජනාධිපති නීතිඥ මුස්තාෆා අධිකරණයෙන් ඉල්ලා සිට ඇති අතර එම කරුණු සලකා බැලූ දිසා අධිකරණය අදාළ වාරණ නියෝගය අත්හිටුවන ලෙස අද නියෝග කළා.