දකුණ සහ මධ්‍යම පළාත්වල වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව නවත්වයි

දකුණු පළාතේ සහ මධ්‍යම පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව නවතා දැමීමට තීරණය කර තිබෙනවා.
ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ නව පද්ධතිය හඳුන්වාදීමේ කටයුතු සඳහා හෙට (27) සහ ඔක්තෝබර් මස 2 වන දින දකුණු පළාත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මඟින් හා දකුණු පළාතේ සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල මඟින් ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතු සිදු නොකරන බවයි සඳහන් වන්නේ.
ආදායම් බලපත්‍ර නිකුත් නොකිරීම හේතුවෙන් වාහන හිමියන්ට සිදුවන අපහසුතාවය වැළැක්වීමේ අරමුණින් හෙට සිට ඔක්තෝබර් 6 දක්වා කාලය තුළ කල් ඉකුත්වන ආදායම් බලපත්‍ර සඳහා එම කාලයට අදාළව දඩ මුදල් අය නොකිරීමට ද තීරණය කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.