ඩීසල් නැව් තොග 4ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය

ඉදිරි මාස 4 ක කාලයක් තු​ළ ඩීසල් නැව් තොග 4ක් මිලදී ගැනීම සඳහා අමාත්‍ය මණ්ඩ​ල අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව නොවැම්බර් මස 1 වනදා සිට 2024 පෙබරවාරි මස 29 වනදා දක්වා වු කාලය සඳහා ලංකා ඛනිජතෙල් සංස්ථාව සඳහා ඩීසල් නැව් තොග 4ක් මිල දී ගැනීම වෙනුවෙන් දිගුකාලීන කොන්ත්‍රාත්තු ක්‍රමවේදය යටතේ ලංසු කැඳවා ඇති අතර ඒ සඳහා ලංසු 5ක් ඉදිරිපත් වී ඇති බවයි අදාළ කැබිනට් තීරණයේ දැක්වෙන්නේ.

ඒ අනුව අමාත්‍ය මණ්ඩලය විසින් පත්කරන ලද විශේෂ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ මත පදනම්ව Petrochina Inaternational (Singapore) Pte.Ltd යන සමාගම වෙත අදාළ ප්‍රසම්පාදන පිරිනැමීම සඳහා බලශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

අදාළ කැබිනට් තීරණය පහතින්.

news images

Leave a Reply

Your email address will not be published. Required fields are marked *