අද ජනපති සහ IMF නියෝජිතයින් අතර සාකච්ඡාවක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් අතර විශේෂ සාකච්ඡාවක් අද (26) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව මෙරටට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් විසින් පවත්වන සාකච්ඡා මාලාවේ අවසන් සාකච්ඡාව මෙලෙස පැවැත්වෙන බවයි සඳහන් වන්නේ.

මෙම සාකච්ඡාවෙන් අනතුරුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි ණය වාරිකය ලබාගැනීම සම්බන්ධ ගිවිසුමකට ද අත්සන් තැබීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *